ශ්‍රීලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් වල තේරීම් කමිටුව සහ එහි සාමාජිකයන් සම්බන්ධයෙන් යලිත් ගැටළුකාරී තත්වයක් නිර්මාණය වෙමින් තිබේ. ඒ ඇතැමුන් අදාළ තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් දිගටම එම තනතුරු වල තබා ගන්නට උත්සහගැනීමත් සමගය. අසන්ත ද මෙල් ගේ තේරීම් වැරදි නම් මේ තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් සියල්ලද ඊට වගකිව යුතුවේ. එසේම තේරීම් කමිටුවේ ඇතැමුන් දැන් පවසන පරිදි යම් ආකාරයකින් ඒ වැරදි තීරණ ඔහු තනිවම ගෙන තිබුනේ නම් එවිටද තේරීම් කමිටුව මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම ගැන වගකිව යුතුවේ.
එසේම ශ්‍රීලංකාව වෙනුවෙන් තරග කල දක්ෂ ක්‍රීඩකයන් රැසක් අපට සිටිති. කුමාර සංගක්කාර , මහේල ජයවර්ධන , අරවින්ද සිල්වා වැනි උදාහරණ බොහෝ තිබේ. මේ අය තේරීම් කමිටුවට නුසුදුසුද යන්න ගැටලුවකි. එසේම මෑතකාලීනව ගතහොත් මෙරට දේශීය ක්‍රිකට් ක්‍රීඩාව ගැන හොඳ දැනුමක් ඇති තිලින කණ්ඩම්බි වැනි අයද ඊට සුදුසුය. මෙවර LPL තරගාවලියේදී ජැෆ්නා ස්ටලියොන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරවීමට ඔහු මූලික විය. එසේම හිතවත්කම් වලට වඩා දක්ෂතාවලට මුල්තැන දෙන තේරීම් කමිටුවක් අපට අවශ්‍යවේ. මේ අතර ඇතැම් විචාරකයින් පවසන්නේ කණ්ඩායමේ ක්‍රීඩකයන් අට දෙනෙකුම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්වීමේ තත්වයක් තුල කවර තේරීම් කමිටුවක් නම්කලද මෙවැනි කණ්ඩායමක් සමග තරග පරාජයවීම වැළක්විය නොහැකි බවය.
නායකයන්ට එහෙයියන් වෙමින් කේලම් කියමින් කණ්ඩායමේ ස්ථානය ස්ථාවර කරගත්තවුන් තේරීම් කමිටුවට නම් කළහොත් අනාගතයටද අපට ඉතිරි වන්නේ මේ ආකාරයේම සැමදා පරාජය වන ජාතික කණ්ඩායමකි.
අනුහස් කැප්පෙටිපොළ