ඊළඟ ජනාධිපතිවරණයට විපක්ෂය වෙනුවෙන් අනිවාර්යෙන්ම ඉදිරිපත් වියයුත්තේ පොදු අපේක්ෂකයෙකු බවත් පොදු අපේක්ෂකයකු ඉදිරිපක් කිරීම වෙනුවෙන්, විපක්ෂයේ සියලු පක්ෂ සහ සිවිල් සංවිධාන සමග එක්සත් ජාතික පක්ෂය එකතු විය යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පැවසීය.
නවීන් දිසානායක මහතා මේ බව පැවසුවේ, කොළඹ කොල්ලුපිටියේ පිහිටි ‘ගාමිණි දිසානායක පදනමේ’ ප්‍රධාන කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
ඒ අනුව පක්ෂයේ ප්‍රතිසංවිධානය පක්ෂ නායකත්වයේ සිටම පහළට සිදුවිය යුතුව තිබුණත් එසේ නොවීම ගැන තමන් කනගාටුවන බවත් නවීන් දිසානායක මහතා තවදුරටත් පැවසීය.
මෙතෙක් දැරූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් තමා ඉවත්වෙන බව ද ඒ මහතා කියාසිටියේය.
හිටපු අමාත්‍යවරයෙකු වූ අර්ජුන රණතුංග මහතා ද මෙම අවස්ථාවට එක්විය.