27 C
Colombo
25/11/2024

ආසදිතවී ඇතැයි බියෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු PCR පරීක්ෂණ මගහරිති

Share with your friends :

කොරෝනා වයිරසය අසාදනය වූ ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් සමගින් ආශ්‍රය කළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම තමන්ටත් වයිරසය අසාදනය වී ඇතැයි බියෙන් පාර්ලිමේන්තුව මගින් සිදුකරන PCR පරීක්ෂණ මග හරින තත්වයක් උද්ගතවී තිබේ.
මේ හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ වලට යෙමුවන ලෙසට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම ආයාචනය කලද පාර්ලිමේන්තුවේ මෙතෙක් සිදුකළ පීසීආර් පරීක්ෂණ සඳහා සහභාගි වී ඇත්තේ ආණ්ඩු පක්ෂ සහ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු 90 දෙනෙක් පමනි.
පසුගිය දිනවල පාර්ලිමේන්තුවෙන් කොවිඩ් -19 ආසාදිතයින් 4 දෙනකු හඳුනාගැනීමෙන් පසු පාර්ලිමේන්තුව තුළ පීසීආර් පරික්ෂණ සිදුකිරිමට තීරණය කරන ලදි.
කොරෝනා වයිරසය අසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන්නේ දයාසිරි ජයසේකර,වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච්චි,පියල් නිශාන්ත,රවුෆ් හකීම් වසන්ත යාපා බණ්ඩාර යන මහත්ම මහත්මීන්ය.

Share with your friends :