27 C
Colombo
24/11/2024

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ ලක්ෂය පසු කරද්දී අගමැති සමාව අයදී

Share with your friends :

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය පසු කර ගොස් තිබේ. මේ වන විට නව කොරෝනා ප්‍රභේදය එරට හමුවීමෙන් පසු එරට මරණ සංඛ්‍යාව ශීග්‍රයෙන් ඉහල යමින් පවතී.
එසේම නව කොරෝනා ප්‍රභේදය ශීග්‍ර පැතිර යාමක්ද පෙන්නුම් කර තිබේ. මේ අතර අගමැති බොරිස් ජොන්සන් කොවිඩ් මරණ සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලමින් රජයක් ලෙස එහි වගකීම බාර ගන්නා බව පවසා තිබේ.
මේ වන විට බ්‍රිතාන්‍යයේ ලක්ෂ 68 කට අධික පිරිසකට පළමු කොරෝනා එන්නත ලබා දී තිබේ. මේ පිරිසට ඉදිරියේදී එහි දෙවන කොටස ලබා දීමට නියමිතය.

Share with your friends :