සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (25) රැස්වී පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම සිදුකර තිබේ.
මෙහිදී පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා දරන අතර, මහලේකම් ධූරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට හිමිව ඇත.
මෙහිදී පක්ෂ සභාපතී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට හිමිව තිබේ.තිස්ස අත්තනායක මහතා ජාතික සංවිධායකවරයා ලෙස පත්කර ඇත.
සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස රාජිත සේනාරත්න, ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, ඉමිතියාස් බාකීර් මාකර්, රවින්ද්‍ර සමරවීර, සහ කුමාර වෙල්ගම පත් කර තිබේ.ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා භාණ්ඩාගාරික තනතුරට පත්කර ඇත.පර්යේෂණ සහ සංවර්ධන ලේකම් ලෙස ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර තිබේ.
ජාත්‍යන්තර කටයුතු ලේකම් ලෙස නිරෝෂන් පෙරේරා ද , පක්ෂයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස අජිත් පී පෙරේරා ද පත්කර ඇත.