උතුරු කොරියානු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු දේශපාලන රැකවරණ පතා දකුණු කොරියාවට පැමිණ තිබේ. මෙසේ පැමිණ ඇත්තේ කුවේට් රාජ්‍යයේ වැඩබලන තානාපතිවරයා ලෙස සේවය කල රූ හයින් වූ නමැත්තෙකි. 2019 වසරේ සැප්තැම්බර් මාසයේ මොහු දකුණු කොරියාවට පැමිණ ඇති අතර එය මේ දක්වා ම රහසක් වශයෙන් තබා ගෙන ඇත.
දරිද්‍රතාවය හා තවත් ගැටළු ගනනාවක් නිසා උතුරු කොරියාව අතහැර දහස් ගනන් ජනතාව දකුණු කොරියාවට ඇදෙති. එහෙත් ඉහල පෙලේ රාජ්‍ය නිලධාරීහු එසේ දකුණු කොරියාවට පැමිණෙන්නේ කලාතුරකිනි.
මීට පෙර ඉතාලියේ වැඩබලන උතුරු කොරියානු තානාපතිවරයා වූ ජෝ සෝන් ගිල් දකුණු කොරියාවේ දේශපාලන රැකවරණ පතා පැමිණ තිබිණි.
රූ හයින් වූ දකුණු කොරියානු මාධ්‍ය වෙත පවසා ඇත්තේ තම දරුවාගේ අනාගතය ගැන සිතා එවැනි තීරණයක් ගත් බවය. රූ හයින් වූ යනු උතුරු කොරියාන්ය් නායකයාගේ රහසිගත දේපල හා මූල්‍ය කටයුතු කළමනාකරණය කෙරෙන OFFICE 39 නමැති ඒකකයේ ප්‍රධානියා වන ජොන් ඉල් චුන්ගේ බෑනාය.
2016 දී දකුණු කොරියාවේ දේශපාලන රැකවරණ ලැබූ බ්‍රිතාන්‍යයේ උතුරු කොරියානු නියෝජ්‍ය තානාපති තේ යොන් හෝ පවසන්නේ රූ හයින් වූ යනු උතුරු කොරියානු රාජ්‍ය තන්ත්රයේ අභ්‍යන්තරයේ ප්‍රධාන චරිතයක් බවය. තේ යොන් හෝ මේ වන විට දකුණු කොරියාවේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි.
තේ යොන් හෝ පවසන්නේ උතුරු කොරියාව තුල කොතරම් වරප්‍රසාද තිබුනද එරටින් පිටස්තර ලෝකයට ගිය විට මනස වෙනස්වීම වැළක්විය නොහැකි බවය. එම නිසා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් කුමන අන්දමේ ආරක්ෂක විධිවිධාන අනුගමනය කල නිදහස සොයා උතුරු කොරියානුවන් දකුණු කොරියාවට පැමිණීම වැළක්විය නොහැකි වනු ඇතැයි තේ යොන් හෝ පවසා තිබේ.