27 C
Colombo
24/11/2024

ඇමතිතුමිය හැන්දකින් බිව්වා කියලා මං දන්නෑ – මාත්‍රාව‍ වැරදෙන්න ඇති-ධම්මික දැන් කියන කතාව

Share with your friends :

තමන් විසින් නියම කරන ලද මාත්‍රාව අනුව හරියටම ඖෂධය භාවිත කලේ නම් පවිත්‍රා ඇමතිනියට වෛරසය ආසාදනය නොවන බවත් ඇය විසින් භාවිතා කල ආකාරය වැරදෙන්නට ඇතැයි ධම්මික බණ්ඩාර මහතා පවසයි.

නියමානුතුල පිලිවෙතට මෙම ඖෂධය පානය කල අයට මෙතෙක් වෛරසය ආසාදනය වී නොමැති බව ඔහු පැවසීය.
තමන් සෞඛ්‍ය ඇමතිනියට ඖෂධය ගෙනහින් දුන් බවත් එම අවස්ථාවේ හැන්දකින් එය පානය කලද පසුව කෙසේ භාවිත කලේ දැයි තමන් නොදන්නා බව ඔහු සදහන් කලේය.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරොනා වෛරසය ආසාදනය වු පසුව ඔහු ඒ පිළිබදව මාධ්‍ය වෙත අදහස් පල කරමින් මෙසේ කියා සිටියේය.

තරිදි නිමාලිකා

Share with your friends :