27 C
Colombo
24/11/2024

කොවිඩ් මැද්දේ ලිට්රෝ ගෑස් ලංකා සමාගමට ඉහළම සම්මාන

Share with your friends :

කොවිඩ් වසංගතය හා ඒ හේතුවෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තරවද ලොව පුරා සමාගම් මුහුණ දුන් අභියෝහ හමුවේ පවා තම ව්‍යාපාර කටයුතු වර්ධනය කර ගැනීමට ලිට්රෝ ගෑස් ලංකා සමාගම සමත්වී තිබේ. තම වෙළඳ පොළ නියෝජිත ජාලය තවදුරටත් පුළුල් කර ගනිමින් විශේෂයෙන්ම ගම්බද පුද්ගලයන් රැසකට නව ව්‍යාපාරික අවස්ථා ඇති කරමින් පාර්භෝගික ජනතාවට වඩා කාර්යක්ෂම ඉක්මන් සේවා සැපයීමට මේ හේතුවෙන් ලිට්රෝ ගෑස් ලංකා සමාගම කටයුතු කර තිබේ.
පසුගිය වසංගත සමයේ ලෝක ප්‍රජාව මුහුණ දුන් දරුණු අභියෝග හමුවේ ශ්‍රී ලාංකීය ජනතාවට තම එදිනෙදා අත්‍යවශ්‍ය සේවා ලබා දෙමින් මෙන්ම ශ්‍රී ලාංකීය ව්‍යාපාරයට ප්‍රජාවට ලබා දුන් අද්විතීය සේවාව උදෙසා ලිට්රෝ ගෑස් ලංකා සමාගම ජාත්‍යන්තර මෙන්ම දේශීය සම්මානයන්ට ද පාත්‍ර වී ඇත.
ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් කොස්වත්ත මහතාගේ දශක කීපයක වෙළඳ ක්ෂේත්‍රයේ ඇති අත්දැකීම් ජාත්‍යන්තර සමාගම් සමග කටයුතු කිරීමේ හැකියාව මෙන්ම සේවක පිරිසේ පූර්ණ කැපවීම හා දායකත්වය සමාගමේ මෙම සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වී තිබේ.
ඇඳිරි නීතිය පවතින අවස්ථාවන්හිදී මෙන්ම lockdown ප්‍රදේශ සඳහා ද තම ජනතා සේවය වගකීම නොපිරිහෙලා ඉටු කිරීම මෙම සම්මානයන් ලබා දීමට ප්‍රධානතම හේත සාධක ය බව එම දෙස් සහ විදෙස් ආයතන ප්‍රකාශ කර ඇත.
WLPG හෙවත් ජාත්‍යන්තර එල් පී ගෑස් ආයතනය සහ ARGUS ජාත්‍යන්තර ආයතනය විසින් covid සමයේ ජාත්‍යන්තර සමාගම් මුහුණ දුන් ගෝලීය අභියෝග හමුවේ තම සේවාව සහ වගකීම ජනතාවට නොපිරිහෙලා ඉටු කිරීම වෙනුවෙන් මෙම ජාත්‍යන්තර සම්මානය ලිට්රෝ ගෑස් ලංකා සමාගමට ලබා දී ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය එනම් SLIM ආයතය මගින් covid සමයේ නොකඩවා තම සේවාව පාරිභෝගිකයින්ට ලබාදීමේ මෙහෙවර උදෙසා මෙන්ම ශ්‍රී ලාංකීය ජනතාව නැවත යථා තත්ත්වයට පත් කරලීමේ එම අග්‍රගන්‍ය සේවය ඇගයීමට ලක්කොට SLMM Restrat Recialance සම්මානය ලිට්රෝ ගෑස් ලංකා සමාගමට පිරිනමා ඇත

Share with your friends :