කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව ධාවනය නතර කර තිබූ දුර ගමන් දුම්රිය සේවා ඇතුලු සියලුම දුම්රිය වාරයන් සාමාන්‍ය පරිදි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව සියලුම දුම්රිය මාර්ගවල දෛනිකව ධාවනය කරවනු ලැබූ සියලුම දුම්රිය සේවාවන් පෙර පරිදි සාමාන්‍ය ආකාරයට ධාවනය කරනු ඇත.
සුඛෝපභෝගී දුම්රිය සේවාවන් සහ දුම්රිය මගින් පාර්සල් ඇතුලු භාන්ඩ ප්‍රවාහන සේවාවන්ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.
සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් දුම්රිය මගි සංඛ්‍යාව වැඩිවීම සහ එම මගී ජනතාවගේ පහසුව සඳහා සෞඛ්‍ය නිර්දේශ අනුව මෙලෙස සියලු දුම්රිය ගමන්වාර ආරම්භ කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.