ලෝක ප්‍රකට මාධ්‍යවේදියකු වූ ලැරී කිං කොරෝනා රෝගී තත්ත්වයෙන් මියගොස් තිබේ. මිය යන විට 87 වන වියෙහි පසුවූ ඔහු CNN පුවත් සේවයේ CNN talk show Larry King Live වැඩසටහන මෙහෙයවමින් වසර විසිපහක් තිස්සේ විවිධ දේශපාලනඥයින්, නළු නිලියන් හා ප්‍රසිද්ධ පුද්ගලයන් පනස්දහසකට වැඩි පිරිසක් සමග රූපවාහිනී සංවාද මෙහෙයවා තිබේ.
ඔහුගේ මාධ්‍ය ජීවිතය වසර හැට ගණනකි . කාන්තාවන් හත්දෙනෙකු සමග අටවරක් විවාහ වූ ඔහුට දරුවන් පස් දෙනෙකි. එයින් දරුවන් දෙදෙනෙකු පසුගිය වසරේ මිය ගියහ.