27 C
Colombo
24/11/2024

පුටීන්ගේ ප්‍රතිවාදියා නිදහස් කරන ලෙස ඉල්ලු විරෝධතාවලට පොලිස් ප්‍රහාර

Share with your friends :

රුසියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවා සිටින ඇලෙක්සෙයි නවලිනි නිදහස් කරන ලෙස රජයට බල කෙරෙන උද්ඝෝෂණ රුසියාව පුරා ආරම්භවී තිබේ.
නවලිනි පසුගියදා ජර්මනියේ සිට රුසියාවට පැමිණි මොහොතේම අත්අඩංගුවට ගන්න ලද්දේ ගුවන් තොටුපලේදීමය. මොහු රුසියානු ජනාධිපති පූටීන්ගේ ප්‍රබලතම විවේචකයා වන අතර ඒ හේතුවෙන් රුසියානු රජයේ දැඩි තර්ජනයට ලක්ව සිටින්නෙකි. වස වර්ගයක් ශරීර ගත කර මොහු ඝාතන ප්‍රයත්නයකින් මොහු ගැලවුනේ ජර්මනියට රැගෙන ගොස් ප්‍රතිකාර කිරීම හේතුවෙනි.
මොහු නිදහස් කරන ලෙස ඉල්ලා පවැත්වෙන උද්ඝෝෂණ වලට පොලිස් පහරදීම් සිදු කර ඇති අතර එහිදී විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
රුසියාව තුල මතුවෙමින් පවතින දැඩි පුටින් විරෝධය මැඩපැවැත්වීම සඳහා රුසියානු රජය දැවැන්ත මර්දනයක් ආරම්භ කර තිබේ.

Share with your friends :