ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත්වූ දෝෂාභියෝගය සෙනෙට් සභාවේ විවාද කිරීම පෙබරවාරි 08 වැනිදා දක්වා කල් දමා තිබේ.
අදාල ලේඛන ලබන සඳුදා සෙනෙට් සභාවට ඉදිරිපත් කෙරෙන නමුත් විවාදය ආරම්භ කිරීම පෙබරවාරි 8 දක්වා කල් දැමීමට ඩිමොක්රටික් හා රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් අතර එකඟතාවක් ඇතිවී තිබේ. ට්‍රම්ප්ගේ නීතීඥවරුන්ට ඒ සඳහා සුදනම්වීමට කාලයක් අවශ්‍ය වීම ඊට හේතුවයි.
මෙය සම්මත කිරීමට නම් සෙනෙට් සභාවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයක් අවශ්‍යවේ. දැනට සෙනෙට් සභාවේ පක්ෂ දෙකම ආසන 50 බැගින් බලය දරනු ලබයි.