ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රීලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස මොහාන් පීරිස් මහතා පසුගියදා සිය ධුරයේ වැඩ භාර ගත්තේය. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා ශ්‍රීලංකාවේ අග විනිසුරු, නීතිපති ධුර දරා ඇති පළපුරුදු ජනාධිපති නීතීඥවරයෙකි. ඒ මහතා පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 75 වන මහා සමුළුවද ඇමතීය.