කොවිඩ් දෙවන රැල්ල ඇතිවීමෙන් පසුව වෛද්‍යවරුන් 100කට ආසන්න ප්‍රමාණයකට වෛරසය ආසාදනය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ මේ වනවිට වෛද්‍යවරුන් 40 දෙනෙක් පමණ ප්‍රතිකාර ලබමින් සිටින බවය.
අපේ පොසිටිව් රේට් එක 5.5 පැනලා තියෙන්නේ. දැන් මාසයකට කලින් තිබුණේ 3% මට්ටමක. අපි අවදානම් කඩඉම පැනලා ඉවරයි. දවස ගාණේ රෝගීන් වාර්තා වෙනවා මූලාශ්‍රයක් සොයා ගත නොහැකි, බිම් මට්ටමේ යතාර්ථය තමයි සමාජ ව්‍යාප්තිය. ප්‍රයෝගික යතාර්ථය තමයි සමාජ ව්‍යාප්තිය.
දවස ගාණේ අපේ පද්ධතියට එකතුවෙනවා කොවිඩ් පොසිටිව් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයින්. වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු මේ සියලුදෙනා අද වන විට ආසාදිකයන් වෙමින් සිටිනවා. දෙවෙනි රැල්ල තුළ විතරක් 100කට ආසන්න වෛද්‍යවරුන් පිරිසක් ආසාදිතයින් බවට පත්වෙලා තියෙනවා. මේ මොහොතේ දී විතරක් වෛද්‍යවරුන් 40කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා ආසාදිතයින් බවට පත්වෙලා, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.