මෙවර ඔලිම්පික් උළෙල කලින් නියම කර ගත පරිදි මේ වසරේ ජුලි 23 වැනිදා පවත්වන බව ජපන් රජය කියා සිටී. මේ අනුව 2021 ජුලි 23 ආරම්භවන ඔලිම්පික් උළෙල අගෝස්තු 8 වැනිදා අවසන් වන බව ජපන් රජය කියා සිටී.
කොරෝනා අවදානම හේතුවෙන් ජපාන ඔලිම්පික් ක්රීඩා උළෙල යොදාගත් පරිදි පැවැත්විය නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි පැතිර යන තොරතුරු ජපන් රජය විසින් ප්රතික්ෂේප කර තිබේ.
ඔලිම්පික් ක්රීඩා උළෙල පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණ නමුත් කොරෝනා අවදානම හේතුවෙන් එය වසරකින් කල්දමනු ලැබිණ.මෙවර ඔලිම්පික් උළෙල සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3700 ක මුදලක් ජපන් රජය විසින් වියදම් කිරීමට නියමිතය.