රිච්ටර් මාපකයේ ඒකකය 1.8ක ප්‍රබලත්වයකින් සුළු භූකම්පන තත්ත්වයක් වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවී තිබේ.අද (22) අලුයම 3.30 ට පමණ මෙම භූකම්පන තත්ත්වය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.මෙම භූකම්පනය මහකනදරාව, පල්ලේකැලේ සහ හක්මන භූ කම්පන මානවල සටහන්ව තිබේ.
මේ අතර වියලුව ඇකිරිය ගම්මානයට ද මෙම භූ කම්පනය දැනී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය ගම්මානයේ ස්ථාන කීපයක අද අලුයම 3.30 ත් 4.00 ත් අතර භූ කම්පන තුනක් සිදුවූ බව ඇකිරිය ගම්වාසීහු පවසති.
අද අලුයම 3.30, 3.38 ට හා අලුයම 3.56 ට මෙම භූ කම්පන සිදුවූ බවත් මහ හඬක් නංවමින් හා පොළව දෙදරුම්කමින් තත්පර තුන හතරක පමණ කෙටි කලක් මෙම භූ කම්පන පැවති බව පැවසේ.භූ කම්පනයත් සමගම ඇතැම් නිවාසවල වහල සෙලවී ගිය බවත් ඇතැම් ප්‍රදේශවලට විශාල හඩක් දැනුනු බවත් ඇකිරිය ප්‍රදේශවාසීහු පවසති.
මෙම භු කම්පනවලින් කිසිදු ජීවිත හෝ දේපල හාණියක් සිදුව නොමැත.