විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත විය.
ඒ අනුව එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් ලැබින.
සංශෝධනයට විරුද්දව ඡන්ද 65ක් ලැබුණි.
දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියේය.
ඒ අනුව තුනෙන් දෙකක බලයකින් එය සම්මත විය.
රවුෆ් හකීම් හා රිෂාද් බදියුදීන්ගේ පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් හා සමගි ජනබලවේග මන්ත්රීනී ඩයනා ගමගේ පක්ෂව ඡන්දය දුන්හ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය දීමට පැමිණ සිටියේ නැත.
previous post
next post