27 C
Colombo
16/11/2024

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට අර්බුද මැද අර්බුද

Share with your friends :

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම යලිත් වරක් අර්බුද කීපයකට ලක්ව තිබේ. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුට විනය විරෝධී චෝදනා එල්ලවී තිබේ. ඒ කණ්ඩායමේ වෙනත් කාර්යයක් සඳහා පත් කර ඇති කාන්තාවක් සම්බන්ධ කර ගෙනය.කෙසේ වෙතත් ඇතැමුන් පවසන්නේ මෙය හුදෙක්ම මඩ ව්‍යාපාරයක් බවය. මේ අතර ලබන පෙබරවාරි මාසයේ හා මාර්තු මාසයේ පැවැත්වෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පවත්වන ලද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ක්‍රීඩකයන් අට දෙනෙකු අසමත්වී ඇතැයි පැවසේ. එහිදී විවිධ බලපෑම් හා වෙනත් කාරනා මගින් එම යෝග්‍යතාවය සමත් කර ගෙනීමට ඇතැම් ක්‍රීඩකයන් කටයුතු කර ඇති බවද පැවසේ.
ශ්‍රීලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග එක්දින තරග තුනකට , 20 – 20 තරග තුනකට හා ටෙස්ට් තරග දෙකකට සහභාගිවීමට නියමිතය.

මේ අතර එංගලන්ත – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයෙකු විෂමාචාර හා අශෝභන ලෙස හැසිරී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණ අසත්‍ය බව ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු මිකී ආතර් මහතා පවසයි.මේ අතර ජාතික පුහුණුකරු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙවැනි අසත්‍ය කරුණු විශ්වාස කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය හා ක්‍රීඩාලෝලීන් ලැජ්ජා වියයුතු බවයි. මෙය අපකීර්තිමත් වාර්තාකරණය ලෙස හැඳින්විය හැකි බවද මිකී ආතර් පවසයි.

Share with your friends :