තමන්ට සමාජ ජාලයන ඔස්සේ ලැබුණු තායි රජ පවුල විවේචනය කෙරෙන හඬපට සමාජ ජාල ඔස්සේ වෙනත් පුද්ගලයන් වෙත යැවූ කාන්තාවකට එරට අධිකරණය විසින් 43 වසරක සිර දඬුවම් නියම කර තිබේ.
අන්චන් නමැති 63 හැවිරිදි මෙම කාන්තාව එරට රජයේ ඉහල නිලධාරිනියකි. ඇය මේවා වෙනත් ඇයට යැවුවද ඊට ඇය විසින් කිසිදු අදහස් දැක්වීමක් සිදු කර නොමැත. එරට නීතිය අනුව රජ පවුල විවේචනය කිරීම දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි. ලොව එවැනි දැඩි දරදඬු නීති ඇති රටවල් ඇත්තේ ඉතාම ස්වල්පයකි.
මෙම නීති වහාම සංශෝධනය කරන ලෙස ඉල්ලා පසුගිය කාලයේ දිගින් දිගටම වීථි බැස උද්ඝෝෂණය කළහ.
මෙම හඬ පට 2014 හා 2015 අතර කාලයේ YouTube හා Facebook ඔස්සේ හුවමාරු කර තිබිණි. මුලින් ඇයට 87 වසරක සිර දඬුවම් හිමිවූ අතර අපසුව වරද පිළිගැනීමෙන් පසු එය 43 වසරක් දක්වා අඩු කරන ලදී.