තවත් නියමුවන් 50 කුත් ඇවිත් – සභාපති CEO තවත් සාකච්ඡාවල
ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ , ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක හා තවත් ගුවන් නියමුවන් පනහකට ආසන්න පිරිසක් සමග කටුනායක ශ්‍රීලංකන් පුහුණු ඇකඩමියේ සාකච්ඡාවකට සහභාගිවූ ගුවන් නියමුවෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළිවී තිබේ. ශ්‍රීලංකන් වෛද්‍ය ඒකකයේ නිලධාරියෙකු පැවසුවේ අදාල ගුවන් නියමුවා ඔස්ට්‍රේලියාවේදී සිදු කරනලද කොරෝනා පරීක්ෂාවක ප්‍රතිපල අනුව ඒ බව හෙළිවී ඇති අතර අදාල ප්‍රතිපලය ඕස්ට්‍රේලියානු බලධාරීන් ශ්‍රීලංකන් ගුවන් සේවයට දැනුම්දුන් බවය. මේ ගුවන් නියමුවා පසුගිය දිනවල ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් දක්වා ශ්‍රීලංකන් ගුවන් යානාවක් රැගෙන ගිය කපිතාන්වරයකු වන අතර මෙල්බර්න්හිදී අදාළ පරීක්ෂාව සිදු කර තිබේ. එහෙත් පරීක්ෂණයේ ප්‍රතිපල ලැබෙන විට මොහු ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව ගොස් තිබු බැවින් ඕස්ට්‍රේලියානු බලධාරීන් මේ බව ශ්‍රීලංකන් ගුවන් සේවයට දන්වා තිබේ. කෙසේ වෙතත් ශ්‍රීලංකාවට පැමිණි මේ ගුවන් නියමුවා මේ බවක් නොදැන සඳුදා දිනයේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ නියමුවන් හා සභාපතිවරයා අතර කටුනායක පැවති සාකච්ඡාවකටද සහභාගීවී තිබේ. ඊට නියමුවන් පනහකට ආසන්න පිරිසක් හා සමාගමේ ප්‍රධාන විධායක විපුල ගුණතිලකද සහභාගිවී තිබේ. මෙම රැස්වීමෙන් පසුව සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා තවත් වෘත්තීය සමිති රැස්වීම් කීපයකටද සහභාගී වී තිබේ.
නියමුවාගේ අදාළ පරීක්ෂණයේ තොරතුරු ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් දැන්වූ අවස්ථාව හා අදාළ රැස්වීම් පැවැත්වුණු වේලාවන් සම්බන්ධයෙන් විමසීමක් සිදු කල යුතු බවත් මේ සම්බන්ධයෙන් වහාම පියවර නොගතහොත් සමස්ත කාර්ය මණ්ඩලයම අවදානමකට ලක්වන බවත් ශ්‍රීලංකන් වෘත්තීය සමිති පවසයි.මේ තොරතුරු නිසිපරිදි සන්නිවේදනය වුයේ නම් අදාල රැස්වීම් වලට පෙර මේ බව දැනගන්නට තිබුනේද යන්න සොයා බලන ලෙස කළමනාකාරිත්වයෙන් ඉල්ලා සිටින බව එම වෘත්තීය සමිති පවසයි. මේ අතර පුහුණු ඇකඩමියේ කාර්ය මණ්ඩලය පවසන්නේ ලොවපුරා ගමන් ගන්නා කාර්ය මණ්ඩල එම මධ්‍යස්ථාන වෙත ගෙන ඒම මගින් එහි සේවකයන්ද දැඩි අවදානමකට ලක්වන බවයි.
සබැඳි පුවත්
ශ්‍රීලංකන් සභාපති හා නියමුවන් සාකච්ඡා සාර්ථකයි – ගුවන් සේවා යථා තත්වයට