27 C
Colombo
09/11/2024

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි බව කියවෙද්දී ජනාධිපති සමාව ගැන කතාබහක්?

Share with your friends :

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට වරදකරු වී සිරදඬුවම් නියම වීමත් සමඟ හිටපු රාජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායක මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රී අසුන අහිමි වන බව නීතීපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
සිරදඬුවම් නියම වු රංජන් රාමනායක මහතාගේ පාර්ලිමෙන්තු මන්ත්‍රී අසුන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් කළ විමසීමකට අනුව නීතීපතිවරයා මේ බව පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී ඇත.
රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි වීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන හිස් වන බවද නීතීපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට වැඩිදුරටත් දැනුම් දී ඇත. එසේ වුවහොත් එම අවස්ථාව ගම්පහ දිස්ත්‍රික් ජාතික සමගි බලවේග කණ්ඩායමේ මීළඟට සිටින අජිත් මාන්නප්පෙරුම හට හිමිවනු ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට හිටපු රාජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායක මහතා වරදකරු බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර 04 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් පසුගිය 12 වැනිදා නියම කරන ලදී. මේ අතර රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා ගැනීම සම්බන්ධයෙන් යම් යම් පාර්ශව අවධානය යොමු කර තිබේ. පසුගිය දිනවල දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව ලබා දීම ගැන කියවුණු අතර ඒ අනුව මේ දෙදෙනාටම ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා යම් යම් පාර්ශව උත්සාහ ගන්නා බව සඳහන්ය.

Share with your friends :