27 C
Colombo
24/11/2024

ඕස්ට්‍රේලියාව සමග ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය ඉන්දියාවට

Share with your friends :

ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ දී පැවැත්වුනු ටෙස්ට් තරගය ඉන්දියාව කඩුලු තුනකින් ජයග්‍රහණය කරමින් බෝඩර්-ගවස්කාර් කුසලානයද දිනාගත්හ.
ජයග්‍රහණය සඳහා ලකුණු 328 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව තරගය අවසන් වීමට ඕවර තුනක් ඉතිරිව තිබියදී කඩුලු හතක දැවී ජයග්‍රාහී සීමාව පසුකළහ. ඔස්ට්‍රේලියාව පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 369 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 336 ක් ලබා ගත්තේය. ඔස්ට්‍රේලියාව දෙවන ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 294 ක් ලබා ගත අතර ජයග්‍රහණය සඳහා ඉන්දියාවට ලකුණු 328 ක ඉලක්කයක් ලැබී තිබිණි.
ඒ අනුව තරගාවලිය 2-1 ක් ලෙස ඉන්දියාව ජයග්‍රහණය කළේය. විරාත් කෝලි ,රවිචන්ද්‍රන් අශ්වින් හා රවීන්ද්‍ර ජඩේජා නොමැතිව මෙම තරගය ඉන්දියාව ක්‍රීඩා කළේය.
පළමු තරගයේ දී සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 36 ට දැවී ගොස් එම තරගයද පරාජයවී පසුව තරගාවලිය ජය ගැනීම විශේෂත්වයකි.
ගැබා ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ටෙස්ට් තරගයක් පරාජය වුයේ 1988 ට පසු පළමුවරටය.

Share with your friends :