ලයිසියම් ජාත්‍යන්තර පාසල (LYCEUM INTERNATIONAL) නොපැවැත්වෙන කාලයටද , ඔන්ලයින් පන්ති පැවැත්වෙන කාලයටද සම්පුර්ණ ගාස්තුවම අය කිරීම සම්බන්ධයෙන් එහි දරුවන්ගේ දෙමාපියන් දැඩි විරෝධය පල කර තිබේ. කොරෝනා හේතුවෙන් පසුගිය වසරේ නිවාඩු ලබා දුන් කාලයට මෙන්ම මේ දිනවල ඔන්ලයින් පන්ති පැවැත්වෙන් කාලයටද එලෙස සම්පුර්ණ මුදලම අයකිරීම නිසා එම දෙමාපියන් දැඩි අසීරුත්වන්ට පත්ව සිටිති.
විශේෂයෙන්ම බොහෝ සමාගම් තම සේවකයන්ගේ වැටුප් හා දීමනා අඩු කර ඇති නිසා දෙමාපියන් රැසකට අදාල පාසල් ගාස්තු ගෙවීම විශාල ගැටළුවක් වී තිබේ. එසේම ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ගුරුවර ගුරුවරියන්ටද පාසල මගින් ඔන්ලයින් පන්ති සඳහා අවශ්‍ය ලැප්ටොප් පරිගණක හෝ ජංගම දුරකථන හෝ ලබා දී නොමැත. එම ගුරුවරුන් සඳහා ඉන්ටර්නෙට් ඩේටා හෝ ලබා දී නැති අතර ඒ හේතුවෙන් තමන්ගේ මුදලින් ඉන්ටර්නෙට් ඩේටා සඳහා විශාල මුදලක් වැය කරන්නට ගුරුවරුන්ට සිදුවී තිබේ.එසේම පාසල නොපැවැත්වෙන බැවින් ගුරුවරුන්ගේ දීමනා ආදියද ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් අඩුකර ඇතැයි සඳහන්ය. එසේම පාසල් නොපැවැත්වෙන බැවින් විදුලි බිල් ,ජල බිල් ඇතුළු විශාල වියදම් ප්‍රමාණයක් වැය නොවන බැවින් ඒ හරහා ලයිසියම් ජාත්‍යන්තර පාසලට තවත් විශාල ලාභයක් මේ දිනවල ලැබී තිබේ.
එසේ තිබියදී තම දරුවන්ගෙන් මුළු පාසල් ගාස්තුවම අයකිරීම අසාධාරණ බවද ඒ සම්බන්ධයෙන් වහාම රජයේ අවධානය යොමු විය යුතු බවද එහි දෙමාපියෝ පවසති. දරුවන් දහස් ගනනක් ලයිසියම් පාසල් සමුහයේ අධ්‍යාපනය ලබන අතර මේ වන විට එක දරුවකුගෙන් රුපියල් හතලිස් දහසක් හෝ ඊට වැඩි මුදලක් මුදලක් එක කාර්තුවක් සඳහා අයකර ගන්නා බව සඳහන්ය.