කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට, බිරිඳට සහ දරුවාට ද කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබේ.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂකවරයෙකුට කොරෝනා ආසාදනයවීම හේතුවෙන් අද එම සැලසුම් අංශය තාවකාලිකව වසා එම සහකාර අධ්‍යක්ෂකවරයා සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයන් 40 කට ආසන්න සංඛ්‍යාවකට පී. සී. ආර්. පරීක්ෂණ කළ බව එම කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් 15 වෙනිදා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කමිටු රැස්වීමක් පවත්වා ඇති අතර එයට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඇතුළු දේශපාලනඥයන් ගණනාවක් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගි වී ඇත.
එම කමිටු රැස්වීම පැවැත්වෙන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා සහකාර අධ්‍යක්ෂකවරයා අසලම පුටුවක වාඩි වී සිට ඇත.
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා බිරිඳ හා දරුවා කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නියමිතය.