පුරවැසි ව්‍යාපාරයක් ලෙස නම් කර ඇති 43 වන සේනාංකය එළි දැක්වීමේ උත්සවය පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර හෝටලයේදී අද සිදු කෙරිණ.
මිනිසත්කම, දැනුම, කුසලතාව පෙරටු කර ගෙන දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා සාමාජික නව ජීවනයක් අත්පත් කර ගැනීමේ සමාජ ප්‍රඥාව ගොඩනැගීමේ පුළුල් පුරවැසි ව්‍යාපාරයක් යන තේමාවෙන් එය ක්‍රියාවට නංවනු ලැබීය.
සමෘද්ධිමත් සහ යුක්ති සහගත ඉන්න හිතෙන රටක් වෙනුවෙන් 43 සේනාංකයේ මංගල ප්රකාශනය පරිශීලනය සඳහා මෙන්ම සහ සම්බන්ධවීම වෙනුවෙන් www.43.lk වෙබ් අඩවිය ද එහිදී ප්‍රකාශයට පත් කෙරිණ.
43 වන සේනාංකයේ ඉදිරි කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය, වෛද්‍ය සංකල්ප මාරසිංහ යන මහත්වරුන් ඇතුලූ සමායෝජකයන් 14 දෙනෙකු නම් කරනු ලැබීය.