27 C
Colombo
25/11/2024

උපකාරක පන්ති යලි ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස් මාලාවක්

Share with your friends :

බස්නාහිර පළාත හැර අනෙක් පළාත්වල ජනවාරි මස 25 වනදා සිට උපකාරක පන්ති පවත්වාගෙන යෑමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසර ලබා දී තිබේ.
ඒ අනුව උපකාරක පන්ති පවත්වාගෙන යෑමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
එමෙන්ම උපකාරක පන්ති අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පමණක් විවෘත කරන ලෙස ඉල්ලා සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශකර තිබේ.
පන්තියක උපරිම ළමුන් සංඛ්‍යාව 100ක් හෝ පන්තියක පවතින ආසන සංඛ්‍යාවෙන් සියයට පනහක් වන ආකාරයෙන් අදාළ උපකාරක පන්ති පවත්වාගෙන යා හැකි බවට උපදෙස් නිකුත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Share with your friends :