කොටුව සහ මාලඹේ අතර ඉදිකිරීමට යෝජිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීම හේතුවෙන් ජපානයේ ජයිකා ආයතනයට රුපියල් බිලියන 5 ක වන්දියක් ගෙවීමට ශ්‍රීලංකා රජයට සිදුවී ඇත.
අදාළ ව්‍යාපෘතිය සඳහා වසර 35කින් ගෙවී යන ලෙස ණය මුදලක් ලබා ගැනීමට නියමිතව තිබූ අතර මේ වන විටත් එම මුදලින් බිලියන 3ක පමණ මුදලක් වියදම් කර ඇති බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.මෙම ව්‍යාපෘතිය නතර කිරීමට තීරණය කිරීම නිසා වන්දියක් ලෙස මෙම මුදල ජයිකා ආයතනය වෙත මෙම මුදල ගෙවීමට නියමිතය.