වෘත්තීය දේශකවරුන් පිරිසක් සහ උපකාරක පන්ති ගුරුවරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක කාර්යාලයේදී දී හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
මෙරට ප්‍රමුඛපෙලේ උපකාරක පන්ති ගුරුවරුන් එම අවස්ථාවට එක්ව සිටි අතර කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන ඔවුන් සහ සිසුදරුවන් මුහුණ දෙන ගැටලු එහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන්ම පසුගියදා විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී උපකාරක පන්ති ගුරුවරුන් සහ ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව සවිස්තරාත්මක අදහස් දැක්වීමක් කළ අතර ඒ පිළිබඳව ගුරුවරුන් මෙහිදී සිය ස්තුතිය පිරිනැමූහ.
උපකාරක පන්ති නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් පවත්නා ගැටලු සහගත තත්ත්වය පිළිබඳව ගුරුවරුන් විපක්ෂ නායකතුමාව දැනුවත් කළ අතර ඒ මොහොතේම හමුදාපතිවරයා සහ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාව සම්බන්ධ කොටගෙන ඒ සම්බන්ධයෙන් නවතම තත්ත්වය විමසීමටද විපක්ෂ නායකවරයා කටයුතු කර තිබේ.