ලොව විශාලතම කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ඉන්දියාවේ ආරම්භවී තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මෙම වැඩසටහන ආරම්භ කල අතර මේ යටතේ මිලියන 1300 ක පිරිසකට එන්නත ලබා දීමට නියමිතය.
ඒ සඳහා වන අනුමැතිය හිමිවූ කොවිෂීල්ඩ් හා කොවැක්සීන් එන්නත් මෙම වැඩපිළිවෙල යටතේ ලබාදීමට නියමිතය.
පළමු අදියර යටතේ කෝටියක සෞඛ්‍ය සේවකයින් හා හදිසි අංශ වලටද ඉන් අනතුරුව පොලීසිය, ආරක්ෂක අංශ, නගරසභා සේවකයින් හා තවත් ඉදිරිපෙළ සේවකයින් වෙත එන්නත ලබාදීමට නියමිතය.
එම අදියර අවසන් කිරීමෙන් පසු වයස අවුරුදු 50 ඉක්මවූ පිරිස් සහ වයස අවුරුදු 50ට අඩු නමුත් අවදානම් සෞඛ්‍ය තත්ත්වයන් සහිත පිරිස් ඉලක්ක කෙරෙනු ඇත.