27 C
Colombo
24/11/2024

ශ්‍රීලංකන් සභාපති හා නියමුවන් සාකච්ඡා සාර්ථකයි – ගුවන් සේවා යථා තත්වයට

Share with your friends :

ශ්‍රීලංකන් ගුවන් සේවයේ නියමුවන් ක්‍රියාත්මක කල වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් කරමින් යලිත් සාමාන්‍ය සේවා ආරම්භ කර තිබේ. ඒ අනුව ඊයේ රාත්‍රියේ සිට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානා මෙහෙයුම් සියල්ල සාමාන්‍ය තත්වයට පැමිණ තිබේ.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ නියමුවන් හා එම සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා ප්‍රමුඛ කළමනාකාරිත්වය අතර පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට පැමිණ තිබේ. බම්බලපිටිය සොෆ්ට් ලොජික් ආකේඩ් ආයතනයේදී පැවති මෙම සාකච්ඡාවේදී කොරෝනා ආසාදනය වන ශ්‍රීලංකන් සේවකයන් සියලු දෙනාට සමාගමේ වියදමින් ප්‍රතිකාර හා නිරෝධායන සේවා ලබා දීමට කළමනාකාරිත්වය එකඟවී තිබේ. මේ සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස කොග්ගල, හික්කඩුව , මහනුවර ප්‍රදේශයේ හෝටල් සහ ලංකා හොස්පිට්ල් රෝහලේ මෙම නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. එසේම තම නිවාඩු දිනවලදී සහ සේවා මුර වලින් පිටත තම රාජකාරී කටයුතු සිදු කිරීමට මෙහිදී ගුවන් නියමුවන් එකඟ වී තිබේ. ඒ අනුව නිවාඩු දිනවල සේවා කටයුතු අනිවාර්ය කරමින් ශ්‍රීලංකන් සමාගම නිකුත් කල චක්‍ර ලේඛන ඉවත් කර ගැනීමටද කළමනාකාරිත්වය එකඟ වී තිබේ.එසේම නියමුවන් සඳහා පැය 12 ක් තුල දැනුම්දීමෙන් පියාසර කල යුතු බවට වන කොන්දේසියද සමාගම විසින් ඉවත් කිරීමට එකඟ වී ඇත.

සබැඳි පුවත්
ශ්‍රීලංකන් සමාගම සේවක ගිවිසුම් වලින් ඉවත්වීමට ගත් තීරණයට සේවක විරෝධය

Share with your friends :