27 C
Colombo
24/11/2024

ප්‍රංශයේ නව ශ්‍රීලංකා තානාපතිනි ක්ෂණිකා හිරිඹුරේගම වැඩ භාර ගනී

Share with your friends :

ශ්‍රී ලංකාවේ ප්‍රංශ ජනරජය සඳහා නම් කළ තානාපති සහ යුනෙස්කෝව සඳහා නම් කළ නිත්‍ය නියෝජිතවරිය වන මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය පසුගියදා පැරීසියේ දී සිය රාජකාරි භාර ගත්තාය.
ශ්‍රී ලංකාවේ ජාතික ධජය තානාපති කාර්යාල පරිශ්‍රයේ දී තානාපති මහාචාර්ය හිරිඹුරේගම මහත්මිය විසින් ඔසවන ලද අතර, සහභාගී වූ සියලු දෙනා විසින් ජාතික ගීය ගායනා කරන ලදී.
ඉන්පසුව, රණවිරුවන් සහ මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ අය සැමරීම සඳහා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලද අතර, සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව නම් කළ තානාපතිවරිය සහ කාර්යය මණ්ඩලය විසින් රාජ්‍ය සේවකයන් සඳහා වන දිවුරුම කියවනු ලැබීය.

Share with your friends :