27 C
Colombo
08/11/2024

නිලධාරීන්ගේ වරදේ වගකීම භාර ගෙන නෙදර්ලන්ත රජය ඉල්ලා අස්වෙයි

Share with your friends :

රජයේ නිලධාරීන් අතින් සිදුවූ වරදක වගකීම භාර ගනිමින් නෙදර්ලන්ත රජය ඉල්ලා අස්වී තිබේ.
මේ අනුව අගමැති මාක් රට් ඇතුළු එරට කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීම අගමැතිවරයා විසින් නෙදර්ලන්ත රජුට භාරදී තිබේ.
ළමා සුභ ශාධන මුදල් අයතා ලෙස ලබා ගත් බවට එරට සංක්‍රමිනිකයන් ඇතුළු පිරිසකට වැරදි චෝදනා එල්ල කරමින් එම මුදල් ආපසු ගෙවන්නට නියෝග කිරීම හා ඒ මගින් අදාල් ජනතාව ආර්ථික අපහසුතාවන්ට ලක්වීමේ වගකීම රජය විසින් භාර ගෙන තිබේ.
රජය ලබන මාර්තු මාසයේ මහා මැතිවරණය අවසන් වන තුරු භාරකාර රජයක් ලෙස කටයුතු කරන අතර ප්‍රධාන වශයෙන් මීට වගකිවයුතු ආර්ථික කටයුතු ඇමති එරික් වෙයිබ්ස් වහාම ඉල්ලා අස්වී තිබේ.
සාමුහික වගකීම දරා ගනිමින් කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වෙමින් මීට පෙරද නෙදර්ලන්තයේ ආණ්ඩු ආදර්ශමත් පණිවිඩයක් ලොවටම ලබා දී තිබේ.

Share with your friends :