27 C
Colombo
24/11/2024

වෙරල සංරක්ෂක දෙපාර්තමේන්තුවට අධ්‍යක්ෂ ජනරාල්වරයකු නැතිලු

Share with your friends :

වෙරල සංරක්ෂක දෙපාර්තමේන්තුව සඳහා දැනට වසරක පමණ කාලයක් තිස්සේ ස්ථිර අධ්‍යක්ෂ ජනරාල් වරයකු පත් කර නොමැත. දැනට එහි වැඩබලන ප්‍රධානියා ලෙස පත් කර ඇත්තේ අමාත්‍යංශ අතිරේක ලේකම්වරයෙකි.
වෙරල ඛාදනය රටේ ප්‍රධාන ප්‍රශනයක් වන අතර වාර්ෂිකව විශාල භුමි ප්‍රමාණයක් ක්‍රමයෙන් මුහුදු ඛාදනයට ලක්වෙමින් පවතී. මේ ආයතනයේ කාර්ය භාරය සඳහා ඒ සඳහා විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුමක් ඇති නිලධාරීන් අත්‍යවශ්‍ය වන අතර ඒ වෙරල සංරක්ෂණ ස්වභාවික ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදාල් නිලධාරීන්ට නිසි අවබෝධයක් අවශ්‍ය වන නිසාය.
වාර්ෂිකව මීටර් ගනනක් රටට මුහුදු ඛාදනය නිසා අහිමි වේ. මීට වසර පනහකට පන පෙර සීනිගම දේවාලය ගොඩබිමට යා වී තිබු අතර දැනට එය පවතින ස්ථානය මීට හොඳම නිදසුනයි. මේ නිසා වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉක්මනින් ස්ථිර අධ්‍යක්ෂ ජනරාල් වරයකු පත් කරන ලෙස එහි සේවකයෝ ඉල්ලා සිටිති.

Share with your friends :