දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් පුද්ගලික සමාගම (Ferentino Tyre Corporation- PVT Ltd) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා විවෘත කරන ලදී.
මේ සුවිශාල ආයෝජනය සිදු කරන ලද්දේ ශ්‍රීලාංකික ව්‍යාපාරිකයකු වන නන්දන ජයදේව ලොකුවිතාන විසිනි.
හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක කර්මාන්ත පරිශ්‍රය ස්ථාපනය කර තිබේ. පළමු අදියර සඳහා කර ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100කි. යුරෝපා තාක්ෂණය සහිත ලොව නවීනතම යන්ත්‍රෝපකරණ භාවිතයෙන් මෙහි නිෂ්පාදන කටයුතු සිදු කෙරේ.
SUV රථ සඳහා විශේෂ කාණ්ඩයක්, මෝටර් රථ, යතුරු පැදි, ත්‍රී රෝද ඇතුළු ලෝක වෙළඳපොළට අවශ්‍ය ටයර් වර්ග රැසක් මෙහි නිපදවනු ලැබේ. නිෂ්පාදනයෙන් සියයට අසුවක් අපනයනය කෙරෙන අතර ඉතිරි සියයට විසා දේශීය වෙළෙඳපොළට සැපයේ. විදේශීය ටයර් ආනයනය රජය විසින් තහනම් කර ඇති අවස්ථාවක මෙවැනි දේශීය සමාගමකට පහසුවෙන් ඉදිරියට යාමට අවස්ථාවද තිබේ.
මේ හරහා මෙරට අපනයන වෙළෙඳපොළ ප්‍රවර්ධනය, සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය සහ දේශීය රබර් වගාකරුවන්ට ඉහළ මිලක් හිමිවීම කර්මාන්තශාලාවෙන් හිමිවන ප්රතිලාභ අතර වෙයි. එසේම දේශීය පාරිභෝගිකයන් සඳහා සාධාරණ මුදලකට ටයර් ලබාදීමට මේ සමගම පියවර තාන් යුතුව තිබේ.ඊට හේතුව ඒකාධිකාර හිමිකර ගත් බොහෝ දේශීය සමාගම් අද වන විට ඒ ඒකාධිකාරය දඩමීමා කරගෙන ජනතාව ගසා කන නිසාය. ඒ කෙසේ වෙතත් රටක් ලෙස ඉදිරියට යන්නට මේ දේශීය ව්‍යාපාර අත්‍යවශ්‍යවේ.
කෙසේ වෙතත් මේ දේශීය ව්‍යාපාරිකයා ගේ තම ව්‍යාපාරික ලෝකයේ පැමිණි ගමන අතිශය රසවත්ය. ඔහුගේ නොපසුබට උත්සාහය පුදුම සහගතය.
මැදවච්චිය, කොබිටියගොල්ලෑව නම් දුෂ්කර ගම්මානයේ උපත ලබා ව්‍යාපාරික ලෝකය දිග්විජය කල නන්දන ජයදේව ලොකුවිතාන මේ වන විට දෙස් විදෙස් ව්‍යාපාර රැසක හිමිකරුය.
ඩුබායිහි MARRIOTT AL JADDAF හෝටලයේද හිමිකරුද ඔහුය.
ඔහුගේ පියා පියදාස ලොකුවිතාන හිටපු විදුහල්පතිවරයෙකි. පිහිඹියගොල්ලෑව පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබු නන්දන එහිදී පහේ ශිෂ්‍යත්වය සමත් ව පසුව තම පියාගේ ගම් ප්‍රදේශය වූ හොරණට පැමිණ හොරණ ජනාධිපති විද්‍යාලයෙන් 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා තිබේ. එකල රටේ දුෂ්කර දිස්ත්‍රික්කවලින් අඩු ලකුණුවලින් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා තිබු අවස්ථාව ලබා ගන්නට පියා නන්දනව යලි මැදවච්චියට ගෙන්වා ගත්තේ තම පුතා ඉංජිනේරුවකු කරන්නට තිබු සිහිනය නිසාය.
ඒ අනුව නන්දන සාමාන්‍ය පෙළ විභාගය හදාරන්නේ අනුරාධපුර නිවන්තක චේතිය විද්‍යාලයෙනි.පසුව අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් ඔහු උසස් පෙළ හැදෑරීය.
පසුව ඔහුට 1987 දී මොරටුවේ N. D.T හෙවත් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා හදාරන පාඨමාලාව හදාරන්නට අවස්ථාව ලැබුණි. ඒ වන විට රටම ගිනි ගනිමින් තිබිණි. දකුණේ තරුණයෝ ආයුධ අතට ගැනීමත් සමග එවකට පැවති රජයද එය දරුණු ලෙස පාලනය කළේය. 1987- 88 කොළඹ ජීවත්වූ නන්දන අමතර ආදායමක් හොයා ගන්නට ගෙවල්වලට ගොස් සාමාන්‍ය පෙළ ගණිතය විෂයට ටියුෂන් දෙන්නට පටන් ගත්තේය. එයින් ලද ආදයමෙන් ඒ අතරවාරයේ කඳවල සර්ජෝන් කොතලාවල මාවතේ පිහිටි ශ්‍රීලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ පාඨමාලාවක් හැදෑරූ නන්දන ඒ හරහා මහරගම හයිඩ්රාමනි ආයතනයට අනුබද්ධ සිලෝන් නිට්ට්රේඩ් සමාගමේ කෙටි කාලයක් සේවය කළේය. සියලු අංශවල දක්ෂයකු වූ නන්දන කෙටි කාලයකින් බොහෝ දේ එම සමාගමෙන් ඉගෙන ගත්තේය.
එවකට රටේ පැවති තත්වය තේරුම්ගත් නන්දන හැකි ඉක්මනින් රටෙන් පිටව ගොස් ජීවිතයට සාර්ථක අඩිතාලමක් දමා ගන්නට සිතුවේය.
එහෙත් ඒ සඳහා ඔහුගේ දෙමාපියන්ගේ දැඩි විරෝධය පලවිය. ඒ කාලයේ මැදපෙරදිග රැකියා සම්බන්ධයෙන් ජනතාව තුල තිබුණු ආකල්පය යහපත් වුයේ නැත.
ඊට හේතුව මැදපෙරදිග ඇති රැකියා යනු ගෘහසේවක, ගෘහ සේවිකා රැකියා ලෙස සිතන මානසිකත්වයක් ජනතාව තුල පැවතීමය. ඒ නිසා නන්දනට ගුවන් තොටුපොළට යන්නට වුයේත් තනිවමය. ඒ අනුව මව්පිය අකැමැත්ත ද නොසලකා නන්දන ලොකුවිතාන එක්සත් ආරාබි එමීර් රාජ්‍ය වෙත ගියේය.
ඒ 1989 වසරේදීය.එහි අජ්මාන් ප්‍රදේශයේ ඇමෙරිකානු වෙළෙඳ මෙහෙයුම් සමාගමක නිෂ්පාදන සහයකවරයෙකු ලෙස ඔහුට රැකියාවක් ලැබුණි. එදා ඔහුගේ වැටුප ඩොලර් 225 ක් විය. එහිදී ඔහු ඉතා මහන්සිවී වැඩ කළේය. ඇතැම් දිනවල නන්දන පැය 14 – 16 එක දිගට වැඩ කළේය. එම ආයතනයේ කළමනාකාරීත්වයේ සිත් දිනාගත් ඔහු පසුව ඔහු ක්‍රමයෙන් සහායක නිෂ්පාදන කළමනාකරු , නිෂ්පාදන කළමනාකරු, සාමාන්‍යාධිකාරී සහ ඉන්පසුව ඉහළට ගොස් එම සමාගමේ කලාප කළමනාකරුවෙකු දක්වා උසස්වීම් ලැබී ය.
එම ක්ෂේත්රයේ ඇති ව්‍යාපාරික අවස්ථා ගැන තිබු අත්දැකීම් උපයෝගී කරගෙන පසුකාලීනව ඇඟළුම් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්නට නන්දන කටයුතු කළේය.ඒ වසර 2000දී ය. ඒ අනුව සාජා නිදහස් වෙළෙඳ කලාපයේ නිලෝනා පැෂන් නමින් සේවකයන් 400 කගෙන් යුක්තව ඇඟලුම් කර්මාන්ත ශාලාවක් නන්දන ඇරඹුවේය. එහි සේවක සේවිකාවන්ට ආහාර ලබාදීමේ ප්‍රශ්නයක් පසුව ඇතිවිය. ඒ අවස්ථාවේදී තම සහෝදරයකු ගෙන්වා ගෙන කේටරින් සර්විස් එකක් ආරම්භ කර එය ඔහුට භාර දෙන්නට නන්දන කටයුතු කළේය. ඒ හරහා සමාගම් රැසකට ආහාර සැපයීමට නන්දනට හැකිවිය. ඒ අතර වාරයේ නිලෝනා රෙදි සේදීමේ කම්හලක් ද නන්දන ආරම්භ කළේය. එතැන් පටන් නන්දන ඉහලින් ඉහලටම ගියේ කිසිවෙක් නොසිතූ පරිදිය.
පසුව ව්‍යාපාර රැසක් ආරම්භ කල ඔහු ඔනෙක්ස් ඉන්ඩස්ට්‍රීස් , ඔනෙක්ස් බිල්ඩින් සිස්ටම්ස්, ඔනෙක්ස් ඉලෙක්ට්‍රොනිකල් සර්විස්, නිලෝනා හෝල්ඩිංස් ඇතුළු විවිධ සමාගම්වල හිමිකරුවා බවට පත් විය.
කොරියානු සමාගමක් විසින් පවත්වාගෙන යනු ලැබූ ඔරුවල වානේ සංස්ථාව විකුණන අවස්ථාවේ මිලදී ගැනීමට නන්දන ලොකුවිතානට හැකියාව ලැබිණි.එය මෙරට ප්‍රධානතම ව්‍යාපාරයකට නන්දන අත ගැසූ ප්‍රථම අවස්ථාව විය. පසුව ඔහු DUBAI MARRIOTT AL JADDAF HOTEL හිමිකරු ද පත් විය.ඩුබායි මැරියට් හෝටලය මහල් 8කින් යුක්තය. එහි කාමර 351කි.
පසුව මෙරට තම ලංකා ලෝහ ආයතනය තවදුරත් ව්‍යාප්ත කල ඔහු යකඩ බට හා තවත් ක්ෂේත්‍ර රැසකට අත ගැසුවේය.
ටයර් කර්මාන්ත ශාලාව මෙන්ම මහා පරිමාන සිමෙන්ති කර්මාන්ත ශාලාවකටත් ඔහු තම ව්‍යාපාරික ක්ෂේත්රය පුළුල් කර තිබේ. දේශීය ව්‍යාපාර ලෙස මේ රටට රැකියා අවස්ථා නිර්මාණය කිරීම හා රටට විදේශ විනිමය ලබා දීම අතින් මේ කටයුතු කාලීන අවශ්‍යතාවයන්ය. ශ්‍රීලාංකික ව්‍යාපාරිකයකුගේ මේ නිෂ්පාදන මෙරට ජනතාවට සහන මිලට උසස් තත්වයෙන් ලබා දෙන්නේ නම් ජනතාව වැඩි වශයෙන් ඒ නිෂ්පාදන සඳහා යොමු වනු ඇත.
අනුරාධපුර සරත් මනුල වික්‍රම
www.Channelnewslanka.com
channelnewslanka@gmail.com