27 C
Colombo
25/11/2024

ඕස්ට්‍රේලියාවෙන් මැරුම් කන්නට සැතපුම් අටදහසක් ගිය ඇමරිකාවේ ජෝ ……

Share with your friends :

පරවියා කියන්නේ සාමයේ සංකේතය. ඒ වගේම අහිංසක සතෙක් …… ඇමරිකා එක්සත් ජනපදයේ ඉඳලා කිලෝමීටර් 13,000 ක් ඒ කියන්නේ සැතපුම් අටදහසක් දුර ගෙවා ගෙන ඔස්ට්‍රේලිය්යාවේ මෙල්බර්න් නගරයට ආපු පරවියෙක්ව නිරෝධායන නීති රීති මුල් කර ගෙන මරලා දාන්න ඕස්ට්‍රේලියානු බලධාරීන් තීරණය කරලා. සිද්ධිය හරිම අමානුෂිකයි ….
මේ පරවියාගේ නම ජෝ .. පරවියා ජීවත් වුනේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා ප්‍රදේශයේ. ඔරිගන් ප්‍රාන්තයේ තිබුණු තරගයකට රැගෙන ගිය මේ පරවියා පසුගිය ඔක්තෝබර් මාසයේදී අතුරුදහන් වුනා , පරවියා ඔස්ට්‍රේලියාවට ආවේ ඇමරිකාවෙන් ඔස්ට්‍රේලියාවට ආපු නැවක ඉඳලා කියලා තමයි සැක කරන්නේ. හේතුව මේ තරම් දුරක් මහ මුහුදේ පරවියෙකුට පියඹා එන්න බැරි හින්දා ,මෙල්බර්න් නගරයේ පුද්ගලයෙකුට මේ පරවියා හමුවුනේ 2020 වසරේ දෙසැම්බර් 26 වැනිදා , පරවියාගේ කකුලේ අමුනා තිබුණු කොළ කැබැල්ලෙන් උගේ අනන්‍යතාවය තහවුරු කරගන්න ඒ පුද්ගලයට හැකි වුනා, ඉන්පස්සේ මේක ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුනා, ඕස්ට්‍රේලියාවේ බලධාරීන් කියන්නේ මේ පරවියාගෙන් ඕස්ට්‍රේලියාවේ සතුන්ට ලෙඩ බෝවෙන්න පුළුවන් නිසා පරවියා මරාදමන්නට ඕන කියලා …

Share with your friends :