27 C
Colombo
01/11/2024

ජෝසෆ් පරරාජසිංගම් ඝාතන නඩුවෙන් පිල්ලේයාන් නිදහස් කෙරේ

Share with your friends :

ඇප මත නිදහස් කර සිටි මඩකලපුව දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහි පවරා තිබූ නඩුව ඉවත දමමින් ඔහු නිදහස් කිරිමට මඩකලපුව මහාධිකරණ විනිසුරු එස්. සුසයිදාසන් මහතා අද (13) නියෝග කළේය.
එමෙන්ම එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රී එඩ්වින් කිරුෂානන්දන් සහ ප්‍රදීප් මාස්ටර් ඇතුළු සිව්දෙනෙකු නිදහස් කිරීමට නියෝග කෙරිණි.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතන සිද්ධියට සැකපිට සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට පත්ව වසර 4ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මහතාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් පිල්ලෙයාන්ට එරෙහිව ගොනුකර ඇති අධිචෝදනා තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් මීට පෙර මඩකලපුව මහාධිකරණයට දැනුම් දී තිබිණි.

Share with your friends :