27 C
Colombo
24/11/2024

ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ කොරෝනා අවදානමක් ගැන වෘත්තීය සමිති විරෝධය

Share with your friends :

ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ මරදාන , නුගේගොඩ සහ රත්මලාන කාර්යාලවල පාරිභෝගික නිලධාරීන් කීපදෙනෙකු හා සහකාර කළමනාකාරවරු කීපදෙනෙකුට කොරෝනා අසාදනයවීම නිසා ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේද කොරෝනා පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි ශ්‍රීලංකා ටෙලිකොම් වෘත්තීය සමිති පෙන්වා දෙති.
මෙම සේවකයන් කොරෝනා අසාදනය වීම සම්බන්ධයෙන් එහි ඉහල නිලධාරීන් ශ්‍රීලංකා ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු මහතාට පවා දැනුම්දී නොමැත.
මේ බව අනිත් සේවකයන්ට පවා දැනුම් නොදී එම ආසාදිත පිරිස් හලාවත ප්‍රදේශයේ එක්තරා මධ්‍යස්ථානයක් වෙත යවා තිබේ.
සේවකයන් වෙත කොරෝනා අසාදනය වී ඇත්තේ තමන්ගේ මීළඟ උසස්වීමට මේ දිනවල කටයුතු කරමින් සිටින ටෙලිකොම් ආයතනයේ නාගරික කොට්ටාශ භාර උසස් නිලධාරියෙක් විසින් මෙම සේවකයන් වෙළඳ ඉලක්ක සුරා ගැනීමට නාගරික ප්‍රදේශවල විවිධ නිවෙස් වලට යැවීම නිසාය.
මෙසේ සියලු දෙනාට මෙය රහසක්ව තබා ගැනීම නිසා සෙසු ටෙලිකොම් සේවකයන්ටද කොරෝනා අවදානමක් ඇතැයි පෙන්වා දෙන ටෙලිකොම් වෘත්තීය සමිති ඊට දැඩි විරෝධය පල කරති. ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය සතුව හත් දහසක් පමණ සේවකයන් සිටින අතර ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දහස් ගණනකි.

Share with your friends :