27 C
Colombo
02/11/2024

ශ්‍රීලංකන් ගමන් වලට යානා 15 ක් ප්‍රමාණවත්-නව යානා ගැනීමට සේවකයන්ගේ විරෝධය

Share with your friends :

විශාල ලෙස පාඩු ලබමින් පවත්වා ගෙන යන ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් මිලදී ගැනීමට යාම විශාල අපරාධයක් බව ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවකයෝ පවසති. එවැනි අවශ්‍යතාවයක් ඇතිනම් දැනට ඇති සාමාන්‍ය ගුවන් යානා දෙකක් අදාළ ලීසිං සමාගම් වලට ලබාදී ඒ වෙනුවට භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් ලබා ගැනීම ශ්‍රීලංකන් ගුවන් සමාගමට බෙහෙවින් ලාභාදායක බවද ගුවන් සේවකයෝ පෙන්වා දෙති. ඉදිරි දිනවලදී ගුවන් තොටුපල විවෘත කිරීමත් සමග ගුවන් ගමන් සාමාන්‍යකරණයට පත්වුවද ශ්‍රීලංකන් ගුවන් සේවය පවත්වා ගෙන යන සේවා පවත්වා ගෙන යාමට ගුවන් යානා 12 ක් හෝ උපරිම වශයෙන් 15 ක් ප්‍රමාණවත් බවත් එම ගුවන් සේවයේ ගුවන් සේවකයෝ පවසති. දැනට එම ගුවන් සේවය සතුව ගුවන් යානා 25 ක් ඇති අතර මේ සියල්ල සඳහා අති විශාල ලීසිං වාරික ගෙවන්නට සිදුවීම ගුවන් සමාගමේ පාඩුවට විශාල ලෙස බලපා ඇතැයි ගුවන් සේවකයෝ පෙන්වා දෙති. එම නිසා අමතර ගුවන් යානා ලීසිං වාරික ගෙවමින් ගාල් කර තබා ගැනීම අපරාධයක් බවත් විශාල ගුවන් සේවාවන් පවා එවැනි දෙ සිදු නොකරන අතර ගුවන් යානයකින් ලාභ ලැබිය හැක්කේ එය හැකිතාක් පියාසර කරවීමෙන් පමණක් බවත් ශ්‍රීලංකන් ගුවන් සේවකයෝ පෙන්වා දෙති.
පසුගිය දිනවල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ලෙස සාමාන්‍ය ගුවන් යානා වල ආසන ගලවා භාණ්ඩ ප්‍රවාහනය කල බවද එයද මෙම අවශ්‍යතාවයට තවත් විකල්පයක් බවද ඔවුහු පෙන්වා දෙති. දැනටත් ගුවන් සේවයේ වැටුප් ගෙවීමට පවා රජයෙන් ණය ලබාගන්නා තත්වයක් තුල තවත් නව ගුවන් යානා මිලදී ගැනීම බරපතල කාරණයක් බවටද ගුවන් සේවකයෝ පෙන්වා දෙති. ගුවන් සමාගමේ පාඩු සීමා කර ලාභ ලබන තත්වයට පත් කිරීම වෙනුවට මෙවැනි මිලදී ගැනීම් සිදු කිරීම බරපතල කාරණයක් බවට ගුවන් සේවකයෝ පවසති.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා නව ගුවන් යානා දෙකක් මිලදී ගන්නා බව සමාගමේ වර්තමාන පාලනාධිකාරිය පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
සබැඳි පුවත් …..
කුඩම්මාගේ සැලකිලි වලට විරෝධය පා ශ්‍රීලංකන් ගුවන් නියමුවෝ අකුරට වැඩ

Share with your friends :