කිර්ගිස්තානයේ ජනාධිපතිවරණයෙන් සැඩේර් ජපරෝව් ජය ගෙන තිබේ. ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් ඔහු සියයට අසුවක් පමණ ලබා ගෙන තිබේ.
ඔහුගේ ආසන්නතම ප්‍රතිවාදියා ලබා ගෙන ඇත්තේ ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට හතක් පමණි.
ජයග්රහණයෙන් පසුව ඔහු ප්‍රකාශ කලේ තමා බලය ලබා ගන්නේ දැඩි අසීරු අවස්ථාවක බවත් එම නිසා රට ස්ථාවර කරන්නට තවත් වසර තුතුනක් හෝ හතරක් ගත වනු ඇති බවත්ය.