දිගින් දිගටම කොරෝනා ආසාදිතයන් ඉහළයාම නිසා ලොක්ඩවුන් කර ඇති යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
යුක්රේනයෙන් හෝ වෙනත් ඕනෑම රටකින් සංචාරකයන් දිවයිනට ගෙන්වීම නතර කිරීමට තීරණය ගත යුත්තේ කොවිඩ් කමිටුව හා සෞඛ්‍ය බලධාරීන් යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
දැනට මෙරට සංචාරකයන් පැමිණීම තාවකාලිකව තහනම් කරලා තිබෙන්නේ එංගලන්තයෙන් පමණක් වන බවත් , මේ නිසා මේ නියාමන ව්‍යාපෘතිය පැවැත්වෙන කාලය තුළ එංගලන්තය හැර ඕනෑම රටකින් සංචාරකයන් ගෙන්වන්න පුළුවන් යැයි ද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.