27 C
Colombo
05/11/2024

එලිසබෙත් මහ රැජින හා පිලිප් කුමරු කොවිඩ්-19 එන්නත ලබා ගනිති

Share with your friends :

එලිසබෙත් මහ රැජින හා පිලිප් කුමරු කොවිඩ්-19 එන්නත ලබාගෙන ඇත. රාජකීය ආරංචි මාර්ග සඳහන් කළේ වින්ඩ්සර් මාලිගයේ ගෘහස්ථ වෛද්‍යවරයකු විසින් සෙනසුරාදා මෙම එන්නත් ලබා දුන් බවයි. තවදුරටත් ඒ පිළිබඳව ඇති වැරදි මතවාද වැළැක්වීම සඳහා එම එන්නත ලබාගැනීමට රැජින තීරණය කළ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
එලිසබෙත් මහ රැජිණ මේ වන විට 94 වැනි වියේ පසුවන අතර, පිලිප් කුමරු 99 හැවරදී වියේ පසුවෙයි. මේවනවිට එක්සත් රාජධානියේ මිලියන 1.5 ක පමණ ජනතාවක් අවම වශයෙන් එක් මාත්‍රාවක්වත් කොවිඩ් එන්නත ලබාගෙන ඇත. එක්සත් රාජධානියේ, වයස අවුරුදු 80 ට වැඩි පුද්ගලයින්ට එන්නත ලබාදීමේදී ඉහළ ප්‍රමුඛත්වයක් ලබදී ඇත.
සැන්ඩ්‍රින්හැම්හි සාම්ප්‍රදායික රාජකීය පවුලේ නත්තල් සාදය වෙනුවට, මෙම වසරේදී මෙම යුවළ ඔවුන්ගේ බර්ක්ෂයර් මාලිගයේ නිහඬ නත්තල් උත්සවයක් පැවැත්වීමට තීරණය කර තිබිණි.

Share with your friends :