අතුරුදහන් වූ ඉන්දුනීසියානු මගී ගුවන් යානයේ බවට සැලකෙන ගුවන් යානා සුන්බුන් ඉන්දුනීසියානු දුපතක් ආසන්නයේ තිබී හමුවී තිබේ. මෙම සුන්බුන් එරට රූපවාහිනී සේවා මගින් ප්රචාරය කර තිබේ.
මගීන් 50 කට වැඩි පිරිසක් රැගත් රැගත් ඉන්දුනීසියානු ශ්රී විජය ගුවන්සමාගමට අයත් එයාර් බෝයිං 737-500 වර්ගයේ ගුවන් යානයක් අද අතුරුදන් විය. ගුවන් යානය විනාඩියක පමණ කාලයකදී එක වරම මීටර් 3000 ක් පමණ පහලට වැටුණු බවත් ඉන්පසු පාලක මැදිරිය සමග සම්බන්ධතා ඇනහිටි බවත් සඳහන්වේ.
ඉන්දුනීසියාවේ ජකර්තා හි සිට බෝර්නියෝ දූපත බලා පියාසර කරමින් තිබියදී මෙම තිබූ ගුවන් යානය අතුරුදන්ව ඇත. මෙම ගුවන් යානය වසර 27 ක් පැරණි එකකි .
ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ද සිට ඇත.
next post