27 C
Colombo
24/11/2024

යුක්රේනය ලොක්ඩවුන් කරයි – සංචාරකයන් ගෙන ඒම අවදානම්

Share with your friends :

ශීග්‍රයෙන් කොරෝනා රෝගය ව්‍යාප්තවන රටක් වන යුක්රේනය කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රට වසා දම තිබේ. ලක්ෂ 420 ක ජනගහනයක ති යුක්රේනයේ මේ වන විට දිනපතා කොරෝනා රෝගීන් දොළොස් දහසත් දාහතර දහසත් අතර ප්‍රමාණයක් හමුවන බව සඳහන්ය.
මේ නිසා එරට රටපුරා පාසල්, ආපනශාලා සහ කායවර්ධන මධ්‍යස්ථාන වසා දැමීමට යුක්‍රේනය තීරණය කර තිබේ.
පසුගිය සැප්තැම්බර් මාසයේ සිට එරට කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළ යමින් පැවති අතර මේ වනවිට එරටින් කොවිඩ් ආසාදිතයින් මිලියනයකට වඩා වාර්තා වී ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 19,588කි.යුක්රේනයෙන් මේ වනවිට ලක්ෂ දහය ඉක්මවා වයිරස ආසාදිතයන් වාර්තා වී තිබේ.
මේ හේතුවෙන් ශ්‍රීලංකාවට යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිවී තිබේ. බොහෝ දෙනා පවසන්නේ මෙවන් තත්වයක් තුල ශ්‍රීලංකාවට එරටින් සංචාරකයන් ගෙන්වීම දැඩි අවදානම් බවය.

Share with your friends :