27 C
Colombo
24/11/2024

රජයට රට භාර දී ඇත්තේ තාවකාලිකවයි විකිණීමට-බදු දීමට බැහැ-අගරදගුරු හිමි

Share with your friends :

මුතුරාජවෙල පරිසර පද්ධතියට හානිවන අයුරින් දියත්කිරීමට සූදානම්වන ව්‍යාපෘතියට එරෙහිව නැගීසිටින ලෙස තමන් ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළහ.
පෞද්ගලික සමාගමක් විසින් මුතුරාජවෙල තෙත් බිමේ අක්කර 700ක භූමි ප්‍රමාණයක් අත්තනෝමතික අයුරින් නව ව්‍යාපෘතියක් සඳහා යොදාගනිමින් සිටින බවත් එමගින් එම කලාපයට විශාල හානියක් සිදුවෙමින් පවතින බවත් මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය පවසයි.
මහා ලොකුවට ඔලුව උඩ තියාගෙන සිටියද සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවට සිදු වූ සෙතක් නැතැයිද , සංචාරකයන් ගෙන්වා ගැනීමට වඩා රටේ සිටින ජනතාවගේ ඕනෑ එපාකම් පිරිමහ ගැනීම රජයේ වගකීම විය යුතු යැයි ද , එසේ නැතුව පිට රට වල මිනිසුන් ගෙනැවිත් හැමතැනම පිරවීම ඉතාමත් පටු චේතනාවක් යයිද උන්වහන්සේ කියා සිටිති.
මේ රට රජයට භාර දී ඇති තාවකාලික බවත් කැමති දෙයක් කරන්න බූදලයක් සේ අයිතිය ලබාදී නැතැයිද , පෞද්ගලික බූදල් සේ විකිණීමට බදු දීමට කිසිවෙකුට අවසර නැතැයිද අගරදගුරුතුමන් කීහ.
වනජීවී පුවරු ගලවා දමා පුද්ගලික සමාගම් ලෙස පුවරු සමි කර ඇති ඉඩම් නැවත රජයෙ ගන්නා ලෙසද කී උන්වහන්සේ එය නොකරන්නේ නම් ඊට විරුද්ධව නැගී සිටින ලෙසද ඉල්ලා ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

Share with your friends :