ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ආධාරකරුවන් වොෂින්ටනයේ කැපිටල් ගොඩනැගිල්ලට එනම් ඇමරිකානු කොන්ග්රසය හා සෙනෙට් මණ්ඩලය රැස්වන පාර්ලිමේන්තුවට සිදුකල පහරදීමෙන් සිවු දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. මේ සම්බන්ධයෙන් 52 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙයින් 47 දෙනෙක්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම හේතුවෙනි.
අදාළ පහරදීම සිදුවන විට පසුගිය ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කල ජෝ බයිඩන්ගේ ජයග්රහණය තහවුරු කිරීමේ කටයුතු සිදුවෙමින් පැවතිනි.
කැරලිකරුවන් විසින් කැපිටල් ගොඩනැගිල්ලට විශාල ලෙස හානි සිදු කර තිබේ. මෙය ඇමරිකානු ඉතිහාසයේ ප්රජාතන්ත්රවාදයට එල්ලවූ විශාලතම කළු පැල්ලමක් ලෙස ඩිමොක්රටික් පාක්ෂිකයෝ මෙන්ම රිපබ්ලිකන් පාක්ෂිකයෝද පවසති.
මෙම පහරදීම අතර තුර තත්වය පාලනය කිරීම සඳහා වෙඩි ප්රහාරද එල්ල විය.