කිම් කාර්ඩේෂියන් සහ කෙන්යේ වෙස්ට් දික්කසාද වීමට යන බවට ආරංචි පැතිර යමින් පවතී. මෙම දෙදෙනා තම අනාගත සැලසුම් සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා කර අවසන් බවද පැවසේ.
මේ වන විට කෙන්යේ වෙස්ට් වයෝමින් හි නිවසේ වාසය කරන අතර කිම් තම දරුවන් සමග කැලිෆෝර්නියාවේ වාසය කරන්නීය. මෙම දෙදෙනා තම දික්කසාදය සම්බන්ධයෙන් නීතීඥවරියක සමගද සාකච්ඡා කර ඇති බව සඳහන්ය.
2000 වසරේදී හමුවූ මෙම දෙදෙනා 2014 වසරේදී විවාහ වූ අතර ඔවුන්ට දරුවන් සිවු දෙනෙකි.