27 C
Colombo
24/11/2024

මාසයකට රටම ලොක්ඩවුන් කරන්න – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Share with your friends :

රටේ ජනතාවට ආහාර පාන ලබා ගැනීමට ක්‍රමයක් සකස් කර මාසයක පමණ කාලයකට මුළු රටම ලොක්ඩවුන් කිරීම කොරෝනා පැතිරී යාම පාලනය කිරිමට ඇති එකම විසඳුම බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ මේ යන ආකාරයට නම් කොරෝනා වෛරසය පැතිරීම පාලනය කළ නොහැකි බවයි.
නිශ්චිත කාලයකට රට ලොක් ඩවුන් කර වසංගතය රටින් අතු ගා දැමිය යුතු බවද කී ඔහු එම කාලය සති දෙකක් ද සති හතරක් ද යන්න තීරණය කර කර රටේ ජනතාවට ආහාර පාන ලබා ගැනීමට ක්‍රමයක් සකස් කර මුළු රටම නිරෝධායනයට ලක් කළ යුතු බවද ඔහු කියා සිටී.

Share with your friends :