27 C
Colombo
24/11/2024

මූඩීස් ණය ශ්‍රේණිගත කිරීම් නිසා ශ්‍රීලංකාව අමාරුවේ

Share with your friends :

ජාත්‍යන්තර මූඩීස් ආයතනය විසින් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ ස්ථාන දෙකක් පහත හෙළීමට කටයුතු කිරීමත් සමග ඇතිවී තිබෙන තත්වය මත ඇතැම්  රටවල් හා මුල්‍ය ආයතන ශ්‍රී ලංකාවට තවදුරටත් ණය ලබානොදීමට ඉඩ ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

මේ තත්වය හේතුවෙන්  පසුගිය සැප්තැම්බර් 29 වැනිදා මහ බැංකුව විසින් සිදුකළ භාණ්ඩාගාර බිල්පත් නිකුතුවේදී අලෙවිය සඳහා නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත්වලින් 97% ක් පමණ අලෙවි වී නොමැත.

එහිදී රුපියල් බිලියන 40 ක භාණ්ඩාගාර බිල්පත් අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබූ අතර  ගැණුම්කරුවන් විසින් මිලදී ගෙන ඇත්තේ රුපියල් මිලියන 895 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් පමණි.

ජාත්‍යන්තර මූඩීස් ආයතනය විසින් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ ස්ථාන දෙකක් පහත හෙළීමට කටයුතු කිරීමත් සමග ශ්‍රී ලංකාව ණය අවදානම වැඩිම රාජ්‍යයන් අතරට එක්වන අතර එය ඉදිරියේදී අලුතෙන් ණය ලබා ගැනීමට මෙන්ම ණය පියවීමේ ක්‍රියාවලියටද අහිතකර බලපෑම් ඇතිකර තිබේ.

මේ වන විට ශ්‍රීලංකාව ජාත්‍යන්තර මුල්‍ය ආයතනවලින් සහ රටවල්වලින් ලබාගෙන ඇති ණය පියවීම සිදුවන්නේද අලුතෙන් නැවතත් ණය ගැනීමෙනි.

Share with your friends :