හෘදසාක්ෂියකට එකඟව තමන්ට 20 වැනි සංශෝධනය සඳහා පක්ෂ විය නොහැකි බව පවසමින් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර ඇත.
හිටපු ජනාධිපතිවරයා ලෙස තමා 19 වැනි සංශෝධනය ගෙනඒම සඳහා මූලිකත්වය ගත් පුද්ගලයෙකු බැවින් තමාගේ මූලිකත්වයෙන් ගෙනා 19 වැනි සංශෝධනය අහෝසි කිරීමේ අරමුණින් ඉදිරිපත් කර ඇති 20 වැනි සංශෝධනය සඳහා පක්ෂ විය නොහැකි බවත් එය සිය හෘදසාක්ෂියට එරෙහිව යාමක් බවත්, එබැවින් කුමන හේතුවක් මත හෝ තමාට 20 වැනි සංශෝධනය සඳහා පක්ෂ විය නොහැකි බවත් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසා තිබේ.
එසේම ආණ්ඩුවේ මන්ත්රී කණ්ඩායමේ සාමූහික වගකීම කඩ කිරීමට සිදුවීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවද එසේ වුවත් ශ්රීලනිපයේ සෙසු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ස්ථාවරය පිළිබඳව තමාට වගකීමක් ගත නොහැකි බවත් සිරිසේන මහතා එම ලිපිය මගින් පවසා තිබේ.