මෙරට නිරෝධායන නීති සමග ලංකාවට සංචාරකයන් ගෙන්වන්න බැරි බවත් ඒවා කිසිම ප්රායෝගිකත්වයක් නැති නීති බවත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
සති දෙකක් කාමරයකට දමා වසා PCR පරීක්ෂණ 5ක් පමණ සිදු කරද්දී මෙරටට පැමිණෙන්නට සංචාරකයන්ට පිස්සු නැතැයිද දැනටමත් ලංකාවේ දිනකට කොරෝනා ආසාදිතයන් පන්සියයක් පමණ වාර්තා වන බවත් යුක්රේන ජාතිකයන්ගෙන් ආසාදිත යැයි වාර්තා වී ඇත්තේ කීප දෙනෙකු බවත් ඔහු තව දුරටත් කියා සිටී.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට තමන් කතා කරන්නේ අයියා යනුවෙන් බවත් තම පවුලෙන් වැඩියෙන්ම කිට්ටු මහින්ද රාජපක්ෂ මහතා සමඟ බවත් යුක්රේන සංචාරකයන් ශ්රී ලංකාවට ගෙන ඒම තනිකරම තමන්ගේ වැඩක් සහ සංකල්පයක් බවත් අගමැතිවරයාට එම යෝජනාව ඉදිරිපත් කලේ තමන් විසින් බවත් ඔහු සඳහන් කරයි.
චමුදිත සමරවික්රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී. අදාල සාකච්ඡාව මෙසේය.